ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා,

ලබන මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව එම කාලය තුල දී ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොවේ නම් හිමිකම් ඉල්ලීම හා 2024 කෙටුම්පත් ඡන්ද හිමි නාම ලේඛනයේ වැරදි නමක් ඇතුළත් වේ නම් ඒ සඳහා හිමිකම් අයැදුම්පතක් ඉල්ලීම හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනු ඇත.