2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්රතිශෝධන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා,
ලබන මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව එම කාලය තුල දී ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොවේ නම් හිමිකම් ඉල්ලීම හා 2024 කෙටුම්පත් ඡන්ද හිමි නාම ලේඛනයේ වැරදි නමක් ඇතුළත් වේ නම් ඒ සඳහා හිමිකම් අයැදුම්පතක් ඉල්ලීම හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනු ඇත.

