අද ඩොලරයේ වටිනාකම

පසුගිය සතියට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල 294.34ක් ලෙස හා විකුණුම් මිල රු. 303.89ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.