විද්‍යාපීඨවලට අයදුම් කළ හැකි කාලසීමාව දීර්ඝ කරයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම යටතේ අයදුම්කිරීමේ කාලසීමාව එළැඹෙන 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා මෙවර අයදුම් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

එසේම පසුගිය 05 දින සිට අප්‍රේල් 10 වනදා දක්වා අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදුකළ යුතු නම් අප්‍රේල් 11 වනදා සිට අප්‍රේල් 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් සිදු කළ හැකි වනවා.