ලබන 15 රජයේ නිවාඩු දිනයක් වෙයි ද

ලබන 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවයි.

මෙවර අලුත් අවුරුදු නිවාඩුව සති අන්තයකට යෙදී ඇති බැවින් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.