අප්‍රේල් මස වැටුප ලබන 10 වෙනිදාට පෙර

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දෙන බව, මුදල් අමාත්‍යාංශය පවසනවා.

අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් 10,000ක් වනවා.

මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.