රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.09 ක් ලෙස හා විකුණුම් මිල රු. 304.56ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය තිබෙනවා.