හිරු නැගීම – 06 : 05
හිරු මුදුන් වීම – 12 : 11
හිරු බැසීම – 18 : 18
අද අප්‍රේල් මාසේ පලවෙනි සිකුරාදා. අලුත් අවුරුද්දට තියෙන දවස් ගානත් ටික ටික ලං වෙමින් තියෙන නිසා දැන් කට්ටියම අවුරුදු සමරන්න ලහි ලහියේ ලැස්ති වෙනවා ඇති නේද…
අවුරුදු කාලේ ගොඩක් අයගේ ගෙවල් වල ගෙදර හැමෝම එකට ඉන්න කාලයක් නේ. ඒක තමයි ඉතින් අවුරුදු සතුට. කට්ටියම එකතු වෙලා කාල බීලා නිදහසේ සතුටු වෙන කාලයක.
සමහර අයගේ ගෙවල් වල අයට නම් රාජකාරි සඳහා යන්න වෙනවා. media, ආරක්ෂක අංශ, වෛද්‍යවරුන් වගේ ගොඩක් අයට අවුරුදු සමරන්න ගෙදර ඉන්න බැරි වෙන අවස්තාවන් වැඩි. එයාලගේ ඒ කැප කිරීම ඇත්තටම අපි අගය කරන්න ඕනේ. එයාල කරන ඒ සේවය නිසයි අපේ අවුරුදු තවත් ලස්සන වෙන්නේ.
ඔයාටත් අවුරුද්දට ගෙදර යන්න බැරි වෙනවා නම් ඒකට කමක් නැහැ.. ඔයා ගෙදර යන දවසට ගෙදරට අවුරුදු අර ගෙන යමු… ගෙදර අය ඔයා එනකම් බලන් ඉන්න නිසා ඉඩක් ලැබුණු ගමන් එයාල ලඟට යමු. අවුරුද්ද කියන්නේ අපි ආදරේ කරන අය එකට ඉන්න ඔනෙමා මොහොතක්..

අද අප්‍රේල් 05 වෙනිදා තියෙන විශේෂත්වය ගත්තොත් අද Flash Drive Day එක වෙනවා. Flash Drive කියන්නේ සරලව ගත්තොත් USB එකක්. ඒකෙ තියෙන වැදගත්කම ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ… හිකිස්… අන්තර්ජාල පහසුකම් නැති වෙලාවට ඉතින් USB එකකින් තමයි data එහෙ මෙහෙ කර ගන්න තියෙන්නේ.
ඒ වගේම අද bell bottoms day එකත් වෙනවා. bell bottoms කියන්නේ අර කකුල යටින් ගොඩක් මහතටා තියෙන ඩෙනිම් කලිසම් වලට. ඉතින් ටිකක් පරණ විලාසිතාවක් වුණාට තවමත් හරි ලස්සනට හැඩ කරන්න පුළුවන් මේ bell bottoms.
අද Dandelion day එක විදිහටත් නම් කරලා තියෙනවා. Dandelion එහෙමත් නැත්නම් වරා කියන්නේ හරිම සියුම් හරිම සුන්දර මල් පොකුරක්. Dandelion පොකුර හරි ලස්සනට ගෝලයක් වගේ හැඩ ගැහිලා තියෙනවා. මේවා ව්‍යාප්ත වෙන්නේ හුලගින් නිසා එයට අනුවර්තනය වෙන්න මේ මල් ඉතා සියුම් සහ කුඩා විදිහට හැදිලා තියෙනවා.
ඉතින් අද කියන්නේ ලස්සන දවසක්. හෙට නිවාඩු දවසක් නිසා සහ අදින් සති අන්තය පටන් ගන්න නිසා අද සතුටින් ඔයාගේ වැඩ රාජකාරි වලට පිටත් වෙලා එන්න.
එහෙනම් ජය වේවා! තෙරුවන් සරණයි!

