ආනයනික ලූණු වර්ග සඳහා සතිපතා මිල පරාසයක්

ආනයනික ලූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව ආනයනික රතු ලූණු කිලෝවක මිල රුපියල් 384 ත් 422 ත් අතර ද,ආනයනික ලොකු ලූණු කිලෝවක මිල රුපියල්  278 ත් 306 ත් ද,ආනයනික රෝස ලූණු කිලෝවක මිල රුපියල් 305 ත් 335 ත් අතර  ද  වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ  තුල තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට ආනයනික ලූණු මිල දී ගැනීමට අවස්ථාව සැලසීම බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.