එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වී ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ ජාතික ව්‍යසනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවට උපකාර කිරීම සඳහා සිම්බාබ්වේ රාජ්‍යයට ඩොලර් බිලියන 2 ආධාර අවශ්‍ය බව එරට ජනාධිපති Emmerson Mnangagwa අවධාරණය කර තිබෙනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ කිසිම සිම්බාබ්වේ ජාතිකයෙකු කුසගින්නෙන් මියයාමට හෝ මරණයට පත් නොවිය යුතු බවයි.
නියඟය හේතුවෙන් එරට වගාවල අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති අතර රටේ ජනගහනයෙන් හයෙන් එකකට මේ වසරේ දී ප්‍රමාණවත් ආහාර නොලැබී යන බවට ගණනය කර තිබෙනවා.
මේ හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ආධාර කරන ලෙසයි ජනාධිපතිවරයා ගෝලීය සංවිධාන වලින් ඉල්ලීමක් කර ඇත්තේ.

