2024 – 04 – 04

හිරු නැගීම – 06 : 06

හිරු මුදුන් වීම – 12 : 12

හිරු බැසීම – 18 :18

අද 2024 අවුරුද්දේ හතරවෙනි මාසේ හතරවෙනිදා. හතරේ ඉලක්කම් ගොඩක් තියෙන දවසක් නේද අද… හිකිස්..

අද තියෙන විශේෂත්වය තමයි අද International Carrot Day එක. ටිකක් අමුතු දවසක් උනාට කැරට් වල තියෙන පෝෂණ ගුණය එක්ක බලද්දී මෙහෙම දවසක් තියෙන එක හොඳයි.

කැරට් කියන්නේ අමුවෙන්, උයලා, බීම හදලා වගේ ගොඩක් විදිහට කන්න පුළුවන් ගුණදායි කෑමක්. කැරට් වල තියෙන beta-carotene අපේ ඇස් පෙනීමට වගේම සම නිරෝගිව පවත්වා ගෙන යන්නත් උදව් වෙනවා. ඒ වගේම කැරට් වල Fiber, Vitamin K1, Potassium, Antioxidants, සහ Vitamin B6 වගේ දේවලුත් බහුලව අඩංගු වෙලා තියෙනවා.

ඉතින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් වෙන්න, හදවත් සෞඛ්‍ය හොඳින් පවත්වා ගෙන යන්න, වගේම හොඳ ප්‍රතිශක්තියක් සඳහාත් මේ කැරට් ඕනි වෙනවා.

ඉතින් අද කැරට් දවසේ කැරට් අලයක් කන්න අමතක කරන්න එපා. පහුගිය දවස් වල නම් කැරට් මිල සෑහෙන්න ඉහළ ගොස් තිබුනත් දැන් දැන් ඒ මිල පහළට බැහැලා නිසා මේ කාලේ නම් කැරට් ටිකක් කන්න පුළුවන්. ඔයාලගේ ගෙදර වත්තේ උනත් කැරට් වවා ගන්න පුළුවන්. කරන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුම විදිහ මේ කැරට් කන්න.

ඒ වගේම අද පතල් කැනීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දවස. මිනිරන්, දියමන්ති වගේ ගොඩක් වටිනා ලෝහ වර්ග එහෙම පොළොවේ ඉතා ගැඹුරේ සිදු කරන කැනීම් වලින් තමයි ගන්නේ. ඉතින් මෙහෙම අඩු ඔක්සිජන් ප්‍රමාණයක් සහ පීඩනයක් යටතේ කළුවරේ පොලොව යට මෙහෙම කැනීම් කරන එක ඇත්තටම ඉතාම අනතුරුදායක වනවා.

ඔයාල අහලත් ඇති මේ පතල් වල සිදු වෙන අනතුරු නිසා එක පාර මිනිස්සු විශාල ප්‍රමාණයක් හිර වෙලා මිය ගිය අවස්ථා එහෙමත්. ඒ වගේම මේ පතල් කැනීම් සඳහා කුඩා දරුවන්ව යොදා ගැනීමත් සමහර අය සිදු කරනවා. එයාලගේ ශරීරය කුඩා නිසා පහසුවෙන් මේ පතල් ඇතුලට යන්න පුළුවන් නිසා තමයි කුඩා දරුවන් ව යොදා ගන්නේ,

ඇත්තටම එක හරිම නීති විරෝධී වැඩක්. කුඩා දරුවන්ව අනාරක්ෂිත ලෙස එහෙම යැවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වනවා. කොහොම වුනත් අදටත් ලෝකේ ගොඩක් රටවල ඒ දේවල් සිද්ධ වෙනවා.

මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා තමයි අද මේ දවස නම් කරලා තියෙන්නේ. පතල් කියන්නේ ඇත්තටම ජීවිතය අතේ තියන් කරන සෙල්ලමක්.

එහෙනම් අද බ්‍රහස්පතින්දා දවස සතුටින් හොඳින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!