යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා .
සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය.
මේ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් ඉන්දීයාවේ හා රුසියාවේ සමාගම් දෙකකට පැරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා කීය.

