හෙට ඉන්ධන මිල සංශෝධනයක් ?

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය හෙට දිනයේ (01) සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළේ පසුගිය මාර්තු මස 4 වනදායි.

එහිදී ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින්ද පහළ ගියා.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක් ලෙසත් ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 ක් ලෙසත් සටහන් වූවා.

එසේම ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක මට්ටමේ ම ස්ථාවරව පැවැතියා.