හිරු නැගීම – 06 : 07
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 18
අද අප්‍රේල් පළවෙනිදා.. අලුත් මාසයක වගේම අලුත් සතියක ආරම්භය අද. දීර්ඝ නිවාඩුවකින් පස්සේ ගොඩක් අය එයාලගේ රාජකාරී සඳහා පිටත්වෙන දවසක් ඉතීම් අද.
මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ කියන්නේ සිංහල සහ හින්දු අයට වගේම මුස්ලිම් අයටත් විශේෂ අවුරුදද්ක්. හැමෝටම උත්සව කාලයක් තමයි මේක.. හැමෝගෙම උත්සව වලට තියෙන්නේ තව සතියකට පොඩ්ඩක් වැඩි කාලයක් නිසා කට්ටියම හරි හරියට ලැස්ති වෙනවා ඇති නේද.
ඉතින් උත්සව වගේම මේ මාසේ අනෙක් වැඩ ටිකත් ඔක්කොම හොඳින් කර ගන්න අද අධිෂ්ටාන කරන්න. මේ අවුරුද්දේ මුල් මාස තුනේ ඔයාට වැඩ ටික හරියට කර ගන්න බැරි වුණා කියලා හිතනවා නම් ඔන්න ඔයාට හතරවෙනි මාසෙත් ඇවිත් තියෙනවා තව අවස්තාවක් අර ගෙන.
හොඳ ආරම්භයක් කියන්නේ දුර ගමනකට ඉතාමත් වැදගත් දෙයක්.
අප්‍රේල් පළවෙනිදා කියන්නේ ඉතින් හැමෝම දන්නවා නේ මෝඩයාගේ දවස කියලා නම් කර ගෙන තියෙන්නේ කියලා. කට්ටිය අද බොරු කියනවා, විහිලු කරනවා වගේ ගොඩක් වැඩ කරලා සතුටු වෙනවා.
කොහොම වුණත් මොනම දවසක වුණත් කෙනෙක්ව ඇඩෙන රිද්දන විහිලු සහ බොරු නොකිය ඉන්න එක තමයි වටින්නේ. මොකද අපි කරන පොඩි බොරුවකින් අපි හිතන්නෙවත් නැති බලපෑමක් එයාලට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොරු කියන එක්කෙනාට තව කෙනෙක් රවට්ටන එකෙන් ආතල් එකක් ලැබුනට තව කෙනෙක්ට රැවටෙන කෙනෙක්ට ඒක ආතල් එකක් නෙමෙයි නේ. ඒ සිද්ධි දුර දිග ගිහින් හිර ගෙදර නතර වුණු කතාත් සෑහෙන්න තියෙනවා.
ඉතින් ඒ නිසා අද දවසේ සීමාව දැනගෙන වැඩ කරන්න… අද දවසේ විතරක් නෙමෙයි හැමදාමත්..
ඒ වගේම 1936 අද වගේ දවසක තමයි ඉන්දියාවේ ඔඩිෂා කියන ප්‍රාන්තය වෙනමම පාලන ඒකකයක් විදිහට ඇති කරලා තියෙන්නේ.
එහෙනම් හැමෝටම අද දවස සතුටින් ගත කරන්න හැකි වේවා කියලා සුබ පතනවා.
ජය වේවා! තෙරුවන් සරණයි!

