හිරු නැගීම – 06 : 07
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 18
අද මාර්තු මාසේ අන්තිම දවස. ඉතින් 2024 අවුරුද්දේ තුන්වෙනි මාසෙත් ඉවර උනා.. දන්නෙම නැතිව කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවා.
මේ මාසේ ඔයාට කොහොමද? ඔයා මේ මාසේ කලේ මොනවද? මේ මාසේ ඔයාගේ ජිවිතේ සිද්ධ වුණු ලස්සන සහ වැදගත් දේවල් මොනවද? ඔයා මේ මාසේ ඔයාගේ ඉලක්ක සම්පූර්ණ කර ගත්තද?
මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම අද වෙලාවක් අර ගෙන ඔයා ඔයාගෙන්ම අහල බලන්න. ඒ වගේම තමයි ඒ ටික ගැන හිතලා ඉවර වෙලා හෙට ඉඳන් පටන් ගන්න අප්‍රේල් මාසේ ගැනත් හිතන්න.
මොකද අද ඉරිදා නිවාඩු දවස නිසා ගොඩක් අයට අද විවේක වෙලාවක් වැඩියෙන් තියෙනවා නේ. අප්‍රේල් මාසේ පලවෙනිදාම සඳුදා දවසක් නිසා සඳුදා නම් ඔයාට ඔයාගේ මාසේ ගැන හිතන්න වෙලාවක් ලැබෙන එකක් නැති වෙන්න පුළුවන්.
අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද පාස්කු ඉරිදා දවස.. ඉතින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ ඇණ ගහල මරණයට පත් කරලාම උන් වහන්සේ මරණය පරාජයට පත් කරමින් නැවත උත්ටාන වුනේ අද වගේ දවසක කියලා තමයි කතෝලික සහ ක්‍රිස්තියානි අය විශ්වාස කරන්නේ.
ඔයා පාස්කු සමරන කෙනෙක් හෝ සමරන්නේ නැති කෙනෙක් වුනත් පාස්කු දවසින් ජිවිතයට එකතු කර ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. ඒ තමයි ඔයා කොච්චර වැටුනත් ජිවිතේ අලුත් දෙයක් පටන් ගන්න, අලුත් පියවරක් ඉස්සරහට තියන්න පරක්කු නැහැ කියන එක. හැමදේම නැති වෙලා ඉවර වෙලා වගේ හැඟීමකින් නම් ඔයා දැන් ජිවත් වෙන්නේ, අද දවසේ අධිෂ්ටාන කර ගන්න ඔයා අලුත් ගමනක් පටන් ගන්නවා කියලා.
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්…! ඔයා ඔයාව විශ්වාස කරන්න.
අද Backup Day එකත් විදිහට හඳුන්වනවා. ඔන්න ඔයාගේ විශේෂ දේවල් එහෙම තියෙනවා නම් Backup එකක් දා ගන්න, අද නිවාඩු දවසේ ඒ වැඩෙත් කරන්න අමතක කරන්න එපා. අදින් මාසේ data ගොඩක් අයගේ ඉවර වෙන නිසා data ඉතුරු වෙලා තියෙනවා නම් ඔන්න මතක් කරලා ඒ වැඩේ කර ගන්න…
ඒ වගේම 1889 වසරේ මාර්තු 31 දවසක තමයි ප්‍රංශයේ සුප්‍රසිද්ධ Eiffel කුලුන විවෘත කරලා තියෙන්නේ.
මාර්තු 31 කියන්නේ International Transgender Day of Visibility එකත් වෙනවා. Transgender කට්ටියට විඳින්න සිදු වෙන අසාධාරනකම්, සමාජ ගැටලු ආදිය සම්බන්ධයෙන් දැනුවත් භාවයක් ඇති කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.
අපි හැමදාමත් කියනවා වගේ අපි හැමෝම මිනිස්සු නේ. ඒ නිසා විවිධ වශයෙන් වෙනස්කම් තියෙන අය දිහා අමුතුවෙන් බලන එක හැකිතාක් අවම කර ගන්න උත්සාහ කරන්න.
එහෙනම් අද දවසේ සතුටින් ඉන්න… අද දවස හොඳ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා! තෙරුවන් සරණයි!

