හිරු නැගීම – 06 : 06
හිරු මුදුන් වීම – 12 : 12
හිරු බැසීම – 18 : 18
අද අප්‍රේල් මාසේ දෙවෙනිදා. දැන් ඉතීම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සහ රාමසාන් ළඟ ළගම එන නිසා සිංහල, දෙමල සහ මුස්ලිම් හැමෝටම මේක උත්සව කාලයක්.
අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද ලෝක ළමා සාහිත්‍ය දිනය – International Children’s Book Day එක. ළමයින්ට පුංචි කාලේ ඉඳන් පොත් කියවීම හුරු කරන එකෙන් එයාලගේ පරිකල්පන ශක්තිය වර්ධනය වීම, භාෂා කුසලතා දියුණු වීම වගේ ගොඩක් වාසි ප්‍රයෝජන ලැබෙනවා.
පුංචි ළමයින් දේවල් ඉගෙන ගන්නේ අත්දැකීම් හරහා නිසා එයාලට ලස්සන සුරංගනා කතා, ළමා කතන්දර වගේ දේවල් කියවන්න අවස්තාව ලැබෙනකොට එයාල ඒ හරහා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ ඔස්සේ හිතන්න අරන් අලුත් නිර්මාණත් එයාල කරනවා.
ඒ නිසා මෙනේම ළමයින්ගේ පොත් සඳහාත් දවසක් නම් කරලා තියෙන්නේ ළමා පොත්පත් ලිවීමට ලේඛකයන් දිරි ගැන්වීම සඳහා මෙන්ම ළමයින්ට කියවීම සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම සඳහායි.
ඒ වගේම අප්‍රේල් දෙවෙනිදා කියන්නේ Autism පිලිබඳ දැනුවත් කිරීමේ දවස. 2007 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමයි මෙහෙම දවසක් නම් කරමු කියලා යෝජනා කරලා එක සම්මත වෙලා තියෙන්නේ.
Autism කියන්නේ උපතේදී සිදුවන ස්නායු දුර්වලතා හේතුවෙන් ඇති වෙන රෝගී තත්ත්වයක්. සන්නිවේදනය කරන්න, මනෝමය හැකියා, සහ අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීම, දැනීම් අඩු වීම යන ක්‍රියාකාරකම් නිසියාකාරයෙන් කිරීමේ අපහසුතාව මෙහි රෝග ලක්ෂණ විදිහට සලකන්න පුළුවන්.
මේකට හේතුව තවමත් නිශ්චිත වශයෙන් අනාවරණය කර ගෙන නැති වුණත් ජානමය සහ පාරිසරික තත්ත්වයන් හේතුවෙන් Autism තත්ත්වය ඇති විය හැකි බවයි වෛද්ය්රවරුන් පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි මේකට තවම ඖෂධයක් සොයා ගෙනත් නැහැ.
Autism තත්ත්වය විවිධ පුද්ගලයන් තුල විවිධාකාරයෙන් පවතින්න පුළුවන්. වෙන්න ඕනි අපි Autism තියෙන පුද්ගලයන්ව සමාජයෙන් කොන් නොකර එයාලට හැකි පමණින් උදව් කිරීම.
එහෙනම් අද අඟහරුවාදා දවස ලස්සන සතුටින් ගත කරන්න. හැම දෙයක් දිහාම සැහැල්ලු මනසකින් සන්සුන්ව හිතලා බලන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

