නිරිතදිග ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය එහි රාජ්‍ය ග්‍රහලෝකය ලෙස “ප්ලූටෝ” නිල වශයෙන් නම් කර තිබෙනවා.
The Arizona Daily Star පුවත්පතට අනුව, මාර්තු 29 වන දින, ඇරිසෝනා ආණ්ඩුකාර Katie Hobbs විසින් මෙම නම් කිරීමේ පනතට අත්සන් කර තිබෙනවා.
කෙසේවෙතත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් දැනට සලකනු ලබන්නේ ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස නොව වාමන ග්‍රහලෝකයක් ලෙස බැවින් මෙම නම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ප්‍රශ්න කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමරිකන් තාරකා විද්‍යාඥ ක්ලයිඩ් ටොම්බෝ 1930 දී ඇරිසෝනාහි ෆ්ලැග්ස්ටාෆ් හි Lowell නිරීක්ෂණාගාරයේදී ප්ලූටෝ සොයා ගෙන ඇති අතර එය ඇමරිකාව විසින් සොයා ගත් එකම ග්‍රහලෝකය වනවා.

