මෙවර වතිකානුවේ මහා සිකුරාදා දේව මෙහෙය පාප් වහන්සේ නොමැතිවම

සිය සෞඛ්‍ය තත්ත්වය තවත් නරක අතට හරිම වලක්වා ගැනීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර සාම්ප්‍රදායික මහා සිකුරාදා දේව මෙහෙයට සහභාගී නොවන බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.

ක්‍රිස්තියානි දින දර්ශනයේ ශුද්ධ වූ සිදුවීම්වලින් එකක් වන පාස්කු සති අන්තය මෙහෙයේ මුලාසනය පාප් වහන්සේ දරනු ඇති බවයි මින් පෙර සඳහන් කර තිබුණේ.

නමුත් උත්සවය ආරම්භ වීමට ආසන්නව තිබියදී වතිකානුව නිවේදනය කළේ පාප් වහන්සේ ඔහුගේ නිවසේ සිට මෙම මෙහෙය සිදු කරන බවයි.

කෙසේවෙතත් ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට පැවැත්වෙන පාස්කු ඉරු දින දේව පූජාව සඳහා පාප් වහන්සේ සහභාගී වන බවයි.