සෞදි අරාබිය නියෝජනය කරමිනුත් මෙවර විශ්ව රූ රැජින කිරුළට තරඟකාරියක්

ඉතිහාසයේ පළමු වරට විශ්ව රූ රැජින කිරුල තරඟවලියට සහභාගී වීම සඳහා සෞදි අරාබිය නියෝජනය කරමින් තරඟකාරියක ඉදිරිපත් වී තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් වී ඇත්තේ රියාද් හි ප්‍රසිද්ධ නිරූපිකාවක් වන Rumy Alqahtani නම් 27 හැවිරිදි තරුණියයි.

ඇය ලොව පුරා රූපලාවන්‍ය තරඟ කිහිපයක් ජයග්‍රහණය කරමින් නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින කෙනෙක් ලෙසයි වාර්තා වෙන්නේ.

එසේම ඇය සෞදි අරාබි රූ රැජින, මැද පෙරදිග රූ රැජින, Miss Arab World Peace සහ Miss Woman (Saudi Arabia) යන සම්මාන ද දිනා ගෙන තිබෙනවා.

2024 වසරේ විශ්ව රූ රැජින තරඟවලිය ලබන සැප්තැම්බර් මස දී මෙක්සිකෝවේ දී ආරම්භ වීමට නියමිතයි.