සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත තායිලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

තායිලන්තයේ පාර්ලිමේන්තුව විසින් එරට සමලිංගික විවාහ නීතිගත කරමින් පනතක් සම්මත කර ගෙන තිබෙනවා.

ඒ සඳහා පක්ෂව ඡන්ද 400ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් මෙය නීතියක් බවට පත්වීමට නම් සෙනෙට් සභාවේ අනුමැතිය සහ රජුගේ අනුමැතිය අවශ්‍ය වනවා.

එම අනුමැතිය ද ලැබුණු පසු සමලිංගික විවාහ නීතිගත කළ පළමු දකුණු ආසියාතික රට බවට හා තුන්වැන ආසියානු රට බවට තායිලන්තය පත් වනු ඇත.

මේ පනත හරහා සමලිංගික යුවල් වලට විවාහ වීමට සහ දරුවෙක් හදා ගැනීමට නිත්‍යානුකුල අවසරය හිමි වනුන් ලබනවා.