ගෘහස්ත ප්‍රචන්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචන්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද ඊට අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසිනුයි මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.