කළුතර පැත්තෙන් ආරංචි උන අපූරු වැඩේ

අපේ රටේ තියන තත්වයත් එක්ක බොහෝ දෙනා නව නිර්මාණ කරන්න, වගා කරන්න, වගේම යම් යම් දේවල් කරන්න හුරු වෙලා තියනවා. ඉතිං ලංකාවේ මිනිස්සුට තරම් මනුස්සකමක් වෙන කිසිම රටක මනුස්සයෙක්ට නැහැ කියනවා නේ. ඒ වගේ තමයි අපේ අය අසරණ උනාම පුළුවන් අය එකතු වෙලා එයාලට උදව් ආදාර කරන්න හුරුවෙලා තියනවා.

මේ කොරෝනා වියසනයත් එක්ක අපේ රටේ එදිනෙදා වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියනවා. ඉතිං අපිට ආරංචි උන කළුතර පැත්තේ කරපු අපූරු වැඩක් ගැන. ඒ තමයි තමන්ගේ පෞද්ගලික මුදලින් , අසරණ පවුල් වලට වියළි අහාර ද , කළුතර පොලිස් වසමේ සිට ගල්කිස්ස පොලිස් වසම දක්කවා අපේ රට රකින්න වෙහෙසෙන පොලිස් මහත්වරුන් 600කට වැඩි ප්‍රමාණයකට N95 වර්ගයේ මුඛ ආවරණ ද, නාගොඩ මහා රෝහල වෙත PPE (Personal protective equipment) ඇදුම් කට්ටල 25ක් පමණ ද පරිත්‍යාග කරපු , හොලන් කුමාර ද සොයිසා මහතා ඇතුළු , අතිපුජ්‍ය පනාපිටියේ ප්‍රේමරථන නාහිමියන් ද , මොරොන්තුඩුවේ විද්‍යාසෝම පිරිවෙන් හි ආචාර්ය ශාස්ත්‍රවේදි පුජ්‍ය පැල්මඩුල්ලේ ධම්මරතන හිමියන් ද එක්ව මේ කරපු අපූරු වැඩේ ගැන බොහෝ දෙනා කතා වුණා අපිටත් දැනගන්න ලැබුණා.

ඡයා රූප කිහිපයක් පහතින්