කුවේට් රාජ්‍ය දින 20කට වසා දමයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුවේට් රාජ්‍ය දින 20කට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද (10) සිට බලපැවැත්වෙන පරිදි ලබන 30 වන දින දක්වා එය ක්‍රියාත්මක බව විදෙස් මාධ‍්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අදාළ කාලය තුළ සෞඛ්‍ය, ආරක්ෂාව, විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබේ.

කුවේට් රාජ්‍ය තුළ මේ වන විට කොවිඩ් වෛරස ආසාදිතයින් 7208ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තිබේ.