ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු වූවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සදහා වන යෝජනා ඇතුලත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම කැබිනට් පත්‍රිකාව සැකසීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද පත් කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාල ආයතන වලට ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාල ගෙවීම් මේ වන විට අවසන් කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරනවා .
ඒ අනුව පසුගිය වසරේ එලෙස ගෙවා අවසන් කෙරුණු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 12,501කි.

