slfp

ශ්‍රීලනිප සාමාජිකයන් කොළඹට

වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිත අතර එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව ද පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.