කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා තවත් මිලියන 2500ක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා.

ඒ මෙවර අයවැයෙන් වෙන් කල මුදලට අමතරවයි.

මෙම රුපියල් මිලියන 2500 න් සැම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 100 බැගින් කෘෂි අංශය නවීකරණය හා නව තාක්ෂණය ලබා දීමට වෙන් කර ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

මේ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් බැගින් තෝරාගෙන එක් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 25ක් බැගින් මෙම මුදල ලබා දීමට සැලසුම් කර තියෙනවා.