වේල්ස් කුමරිය කේට් මිඩ්ල්ටන් (Princess of Wales Kate Middleton) හට පිළිකාවක් වැළඳී ඇති බව වාර්තා වෙනවා.
කෙන්සිංටන් මාලිගයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ තමා පිළිකාවේ මුල් අදියරයක පසු වන බවට අනාවරණය වී ඇති බවත්, මේ වන විට ඒ සඳහා chemotherapy ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ය,
ජනවාරි 16 වන දින ඇයට උදරයේ සැත්කමක් ද සිදු කෙරුණු අතර පසුව කරන ලද පරීක්ෂණවලදී ඇයට පිළිකාවක් ඇති බවට හෙළි වී තිබෙනවා.
මෙම වීඩියෝවේ දී ඇය විලියම් කුමරු ඇයට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ඉතාම ප්‍රශංසා කර ඇති අතර ඇය වෙනුවෙන් සහයෝගය ලබා දෙන සියලු දෙනාට ස්තුති කිරීමක් ද සිදු කරනු ලැබුවා.
අදාළ වීඩියෝව පහතින්.

