හිරු නැගීම – 06 : 11
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 19
අද සෙනසුරාදා දවසක්.. ඒ නිසාම සමහර අය නම් ගෙදර ඇති. ඊයේ දවසේ ගොඩක් ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක් තිබුන නිසා අද නම් ටිකක් වියලි ගතිය අඩු වෙලා වගේ නේද…
කාලෙකට පස්සේ ගොඩක් හයියෙන් වැස්සම පරිසරයේ තියෙන්නේ අමුතුම කොළ පාට ලස්සනක්..
ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් අද තමයි World Meteorological Day හෙවත් ලෝක කාලගුණ දවස.
ලංකාවේ කාලගුණය කෙසේවෙතත් ලෝකේ අනෙක් රටවල කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් ඇති වෙන ආපදා තත්ත්ව පෙර තියාම දැනුම් දෙමින් මිනිසුන් ආරක්ෂිත ස්ථාන වලට යවන්න කටයුතු කිරීම නිසා ජිවිත බොහෝ සංඛ්‍යාවක් බේරුණු අවස්ථා ගොඩක් තියෙනවා.
ඒ රටවල තියෙන දියුණු තාක්ෂණයත් එක්කයි එයාලට වැඩි සම්භාවිතාවයකින් යුතුව කාලගුණ අනාවැකි කියන්න පුළුවන් වෙලා තියෙන්නේ.
අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද බලු පැටවුන් වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස.
බලු පැටව් කියන්නේ ඉතින් හරිම හුරතල්, බෝල ගෙඩි නේ.. ඒ බබාලා සමරන්න වගේම වර්ගය නොබලා බලු පැටවුන් හදා ගැනීම දිරිමත් කරන්න තමයි අද දවසක් මෙහෙම නම් කරලා තියෙන්නේ.
එහෙනම් අද දවස සතුටින් නිදහසේ ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

