ඩොලරයේ අගය තෙවෙනි දිනටත් 300 සීමාවට අඩුවෙන්

මේ සතියේ අඛණ්ඩව තෙවන දිනට ඩොලරයේ අගය රුපියල් 300 සීමාවට වඩා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 299.04ක් ලෙස හා එහි විකුණුම් මිල රු. 308.80ක් ලෙස සටහන් වී තිබෙනවා.