හිරු නැගීම – 06 : 12
හිරු මුදුන් වීම – 12 : 16
හිරු බැසීම – 18 : 19
අද සිකුරාදා දවසක්. මේ මාසේ අන්තිම සිකුරාදා දවසට කලින් සිකුරාදා දවස තමයි අද.
ඉතින් අද දවසේ තියෙන විශේෂත්ය්ව ගත්තොත් අද තමයි ලෝක ජල දිනය. ජලය ඉතින් කොච්චර වටිනා සම්පතක්ද කියලා මේ ලොකු රස්නේ කාලයක ජිවත් වෙන ඔබට මම අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.
අපිට කන්නේ නැතුව දවසක් ඉන්න පුළුවන් වුනත් වතුර නැතිව නම් එහෙම ඉන්න ඇත්තටම අමාරුයි. ඒ තරමටම අපේ ශරීරයට ජලය කියන දේ අවශ්‍ය වෙනවා.
ප්‍රමාණවත් පරිදි අපි ජලය පානය නොකලොත් ඒ හරහා අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව ක්රමික හානිවිමකට ලක් වෙනවා. ඒ හරහා ඒවායේ ක්‍රියාකාරිත්වය අඩාල වෙලා ශරීරය අභ්‍යන්තරයේ හානිදායක පරිසරයක් ගොඩ නැගෙනවා.
ජලය අපේ ශරීරයට සහ යහපැවැත්මට කොච්චර අත්‍යවශ්‍ය දෙයක් වුනත් මේ ලෝකේ බහුතරක් දෙනා ඉන්නවා හරියට බොන්න වතුර ටිකක් නැතිව. විශේෂයෙන්ම මෙම දවස් වල දරුණු ගැටුම් පවතින ගාසා වල වැසියන්ට එහෙම පානය කරන්න ජලය තියෙන්නේ ඉතාම අඩුවෙන්.
අපේ රටේ වගේ ඒ රටවල සුලබව ගංගා ඇලදොළ නැති නිසා පානිය ජල මුලාශ්‍ර ස්වාභාවිකව හොයා ගන්න එක හරිම අමාරුයි. එයාලගේ වටේට මුහුද තිබුනත් ඒ ජලය පානය කරන්න ගන්න බැහැ නේ,
ඒ අතින් බැලුවම ලංකාව කියන්නේ ජල මුලාශ්‍ර අතින් පොහොසත් හරිම සුන්දර රටක්. ඒ වුණත් අපේ මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ ජල මුලාශ්‍ර, ගංගා ඇලදොළ සීග්‍රයෙන් විනාශ වෙමින් පවතිනවා.
ඍජුව සහ වක්‍රව සිදු කරනු ලබන මේ ජල මුලාශ්‍ර විනාශය නිසා අපේ රටේ තියෙන ස්වාභාවික ජල සම්පත මේ වන විට බොහොමයක් විනාශ වෙලා ඉවරයි. ඒ වගේම ඒවා බොහොමයක් අපවිත්‍ර වෙලා.
ඉතින් අද මේ ලෝක ජල දිනය දවසේ ඔයාල හිතට ගන්න ජලය බින්දුවක්වත් අපතේ නොයවන්න, සහ ජල මුලාශ්‍ර හැකි උපරිමයෙන් ආරක්ෂා කරන්න.
ඔයාට නිකමට හරි හිතුනොත් කුණු එකක් ගඟකට දාන්න, එහෙමත් නැත්නම් වතුර ඔහේ අපතේ දාන්න, හිතලා බලන්න ඔයා වතුර හිඟ ප්‍රදේශයක දුෂ්කරව ඉපදුනොත් ජිවිතේ කොහොම වෙයි ද කියලා… කල්පනා කරලා බලන්න ඔයාට බොන්න වතුර ටිකක් නැති වුනොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද කියලා..
එහෙනම් ජය වේවා! තෙරුවන් සරණයි

