අද (20) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුල දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, එහි අගය දැක්වෙන්නේ සෙල්සියස් අංශක 36.9 ක් ලෙසයි.
එසේම පුත්තලම දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 36.7ක උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
එම කාල පරාසය තුළ කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 33.5 ක් ලෙසයි.

