අද දුම්රිය ගමන්වාර 18ක් අවලංගු වෙයි

අද (20) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීම හේතුවෙනුයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන බවත් දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.