නවසීලන්තය තනි භාවිත e සිගරැට් තහනම් කරයි

තනි භාවිත ඊ-සිගරට් (single-use e-cigarettes) සඳහා සම්පූර්ණ තහනමක් නවසීලන්ත රජය විසින් පනවා තිබෙනවා.

එසේම අවුරුදු 18ට අඩු ළමයින්ට සිගරැට් සහ vapes අලෙවි කරන්නට එරෙහි දඩ මුදල දස ගුණයකින් පමණ වැඩි කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මින් පෙර ළමයින්ට සිගරට් අලෙවි කරන සිල්ලර වෙළෙන්දන් සඳහා නවසීලන්ත ඩොලර් 10,000ක දඩ මුදලක් පැනවුණු අතර දැන් එම මුදල ඩොලර් 100,000 දක්වා ඉහළ යනු ඇති බවයි.

2025 වන විට දිනපතා දුම් පානය කරන ප්‍රතිශතය 5%ක් වැනි මට්ටමකට ගෙන එම නවසීලන්ත රජයේ අරමුණ වී තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට ලෝකයේ රටවල් 34ක් මෙම e-cigarettes තහනම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වෙන්නේ.