ප්‍රියංකා චොප්රා Disney+ සමඟ කරන්න යන අලුත් වැඩේ

ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ නිලියක්. ඉතින් එයා මේ අප්‍රේල් 22 වෙනිදට යෙදෙන ලෝක මිහිතල දිනය වෙනුවෙන් Disney+ සමාගම සමඟ එකතු වෙලා අලුත් වැඩක් කරන්න යනවා.

ඒ තමයි Disney+ හි Disneynature විසින් නිෂ්පාදනය කරන “Tiger” චිත්‍රපටයේ පසුබිම් හඬට දායක වෙමින් එම කතාව ඉදිරිපත් කිරීම.

ඉතින් මේ Tiger චිත්‍රපටයෙන් කියවන්නේ Ambar කියන තරුණ ගැහැණු කොටියෙක්ගේ කතාවක්. ඒ කොටියා තමන්ගේ පැටවුන් විවිධ අනතුරු වලින් ආරක්ෂා කර ගන්නා ආකාරය මේකේ දැක්වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

Mark Linfield විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය Vanessa Berlowitz සහ Rob Sullivan විසින් සම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Linfield, Berlowitz සහ Roy Conli යන අය.