අද (18) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එම අගය සෙල්සියස් අංශක 36.3ක් ලෙස දැක්වෙනවා.
ඊට අමතරව කටුගස්තොටින් සෙල්සියස් අංශක 35.6ක උෂ්ණත්වයක් වාර්තා වන අතර, අනුරාධපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම ගතවූ පැය 24 තුළ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.03ක් වනවා.

