ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන පියවි ඇසට පෙනෙන නෝවා පිපිරීමක් මෙම වසරේ රාත්‍රී අහසේ දී දැක බලා ගැනීමට අවස්තාව උදා වන බව NASA ආයතනය සඳහන් කරනවා.
T Coronae Borealis (T CrB) ලෙස හැඳින්වෙන පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000 ක් පමණ දුරින් පිහිටා තරු පද්ධතියේ මෙම පිපිරිම සිදු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එහි රතු යෝධ තාරකාවකින් සහ එය වටා කක්ෂගත වී ඇති සුදු වාමන තාරකාවක් ඇති අතර මෙම සුදු වාමන සිය රතු යෝධ සහකරුගෙන් තමන්ට ප්‍රමාණවත් තරම් පදාර්ථ ලබා ගන්නා විට සුදු වාමනයා මත මතුපිට කෙටි න්‍යෂ්ටික විලයනයක දැල්වීමක් ඇති කරනු ලබනවා, එය නෝවා පිපිරීමක් ලෙස හැඳින්වේ.
මෙම පිපිරිම 2024 පෙබරවාරි සහ සැප්තැම්බර් අතර කාලය තුළ සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර එය සතියක පමණ කාලයක් වැඩි දීප්තියකින් යුතුව රාත්‍රී අහසේ දැක ගත හැකි බව සඳහන්.
නෝවා පිපිරීම සෑම වසර 80 කට වරක් පමණක් සිදු වන බැවින් මෙය ජීවිතයේ එක් වරක් නැරඹීමේ අවස්ථාවක් විය හැකි බවයි NASA වැඩිදුරටත් සඳහන් කරන්නේ.

