මේ රස්නේ, ඇඟ නිවෙන රසම රස බීමක් හදමුද?

ලංකාව වගේම ලෝකේ ගොඩක් රටවලට මේ කාලේ තියෙන්නේ ඉතාම ඉහළ උෂ්ණත්වයක්. ඒ අව්ව එක්ක ඔලුවත් එක්ක කර වෙලා වගේ feeling එකක් තමයි හැමෝටම තියෙන්නේ.

අව්ව එක්ක අපේ ශරීරයේ උෂ්ණ බිබිලි, rash එහෙමත් එන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසාම අපි ඇඟ සිසිල් කරන ආහාර පාන මේ දවස් වල ගොඩක් ගන්න ඕනි.

ඉතින් අද අපි අර ගෙන ආවේ ගෙදරදීම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්, ඇඟ නිවෙන බීමක්. මේකට අපි යොදා ගන්නේ අපේ ශරීරයට ඉතාමත් හොඳ ඉඟුරු සහ පිපිඤ්ඤ.

ඔයාල දන්නවා නේ පිපිඤ්ඤ කියන්නේ ශරීරය සිසිල් කරන්න හරිම හොඳ දෙයක්. ඒ වගේම තමයි ඉඟුරු අපේ ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගෙන යන්න උදව් වෙනවා.

එහෙනම් අපි බලමු මේ රසම රස බීම එක හදා ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤ ගෙඩියක් ( සුද්ධ කරලා හොඳට පොඩි කෑලි වලට chop කරලා)
  2. වතුර කෝප්ප 2ක්
  3. දෙහි ගෙඩි තුනක විතර යුෂ
  4. මී පැණි මේස හැඳි 2 – 3 (ඔයාලට මී පැණි නැත්නම් සීනි වුනත් ගන්න පුළුවන්)
  5. හොඳින් සුද්ධ කර ගෙන ගා ගත් ඉඟුරු කැබැල්ලක් (1 inch එකක් වගේ)
  6. Mint කොළ
  7. Ice කැට

දැන් අපි බලමු කොහොමද අපේ මේ බීම එක හදා ගන්නේ කියලා

  1. පිපිඤ්ඤ කැබලි, ඉඟුරු, වතුර, දෙහි යුෂ සහ මී පැණි/සීනි ආදිය හොඳින් blend කර ගන්න
  2. හොඳින් blend උනාට පස්සේ ඔයාට අවශ්‍ය නම් මේක පෙරලා වෙනම භාජනයකට දා ගන්නත් පුළුවන්. එහෙම පෙරා ගත්තේ නැති වුණත් ගැටළුවක් නැහැ.
  3. අපි මේ හදා ගත්ත බීම එක Ice කැට පුරවපු විදුරු වලට වත් කර ගන්න.
  4. ඊට පස්සේ Mint කොළ දාල ලස්සනට decorate කරලා serve කරන්න තමයි තියෙන්නේ.

ඔයාට මේකේ රස වැඩි කර ගන්න බීම එක blend කරලා ඉවර වුණාම ඒකට Soda වගේ දෙයක් වුණත් එකතු කර ගන්න පුළුවන්.

ඒ වගේම තමයි පොඩි දරුවෙක් ට ඔයා මේ බීම එක හදලා දෙනවා නම් ඉඟුරු ඉතාම අඩු ප්‍රමාණයක් භාවිතා කරන්න. මොකද එයාලට ටිකක් ඉඟුරු රස සැර වැඩි නේ.

එහෙනම් මේ රස්නේ කාලෙ මේ රස වගේම ගුණත් තියෙන බීම එක හදලා බලන්න අමතක කරන්න එපා.