2024 – 03 – 17

හිරු නැගීම – 06 : 14

හිරු මුදුන් වීම – 12 : 17

හිරු බැසීම – 18 : 20

අද ඉරිදා දවසක් නිසා අද නම් ඔන්න ගොඩක් අය නිවාඩුවෙන් ඇති. නිවාඩු කිව්වට ගොඩක් අයගේ අද තමයි ගෙදර වැඩ ටික කරන දවස වෙන්නේ. හිකිස්..

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද St. Patrick’s Day. අයර්ලන්තයේ පෙට්‍රික් සාමිවරයා වෙනුවෙන් තමයි මේ අද දවස සමරන්නේ. අයර්ලන්තයට කිතුදහම ලැබීම සහ පෙට්‍රික් සාමිවරයාගේ මරණය කියන කාරනා දෙන මුල් කර ගෙන අද දවස සමරනවා.

ඔයාල දැකලත් ඇති අද එයාල කොළ පාට ඇදුම් එහෙම ඇදලා shamrock පත්‍ර වලින් සැරසිලි කරනවා. අයර්ලන්තයේ සම්ප්‍රදායික ආහාර වර්ග එහෙම ඔන්න එයාල අද හදල විනෝද වෙනවා. ඒ වගේම අයර්ලන්තයේ සම්ප්‍රදායික සින්දු සහ නැටුම් ප්‍රදර්ශනයන් ද අද දවසේ තියෙනවා.

shamrocks කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඔය පහලින් තියෙන්නේ එන්න ඒවා..

මේ තියෙන්නේ නම් එයාලගේ නැටුමක්. පේනවනේ ඔක්කොමලා කොළ පාටින් එහෙම ඇඳලා ඉන්න විදිහ.

ඉතින් එහෙනම් ඔයාලත් මේ ඉරිදා දවස විනෝදයෙන් ගත කරන්න. ඒ වගේම හෙටින් ආරම්භ වෙන සතිය දළ වශයෙන් සැලසුම් කර ගන්නත් අමතක කරන්න එපා.

ජය වේවා! තෙරුවන් සරණයි!