චීනයෙන් ඇසෙන වලිගයක් සහිත දරු උපත

ඇති දුර්ලභ ගණයේ උපත් විකෘතිතාවක් ලෙස සැලකෙන වලිගයක් සහිත වීම, චීනයේ ඉපදුනු දරුවෙක් තුල හඳුනා ගෙන තිබෙනවා.

හැන්ග්ෂෝ ළමා රෝහලේදී මෙම දරුවා ඉපිද ඇති අතර, උපතෙන් ටික වෙලාවකට පසුව එම රෝහලේ ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය ලී විසින් මෙම විකෘතිය හඳුනාගෙන තිබෙනවා.

මෙම වලිගය ලෙස හඳුනා ගෙන ඇති කොටස දළ වශයෙන් සෙන්ටිමීටර 10ක් පමණ දිගු වන බවයි වාර්තා වෙන්නේ.

කොඳු ඇට පෙළේ පාදයේ අවට පටකවලට සුෂුම්නාව අසාමාන්‍ය ලෙස සම්බන්ධ වූ විට මෙම තත්ත්වය ඇති වන බවට සොයා ගෙන තිබෙනවා.

මෙම වලිගය කොටස සුෂුමනාව හා සම්බන්ධ වී තිබීම හේතුවෙන් එහි චලනය සීමා වී ඇති අතර, ඒ හරහා විවිධාකාර ස්නායු සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා.

මෙම වලිගය කොටස ඉවත් කර ගෙන ලෙස දරුවාගේ මව වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් වෛද්‍යවරුන් මෙතෙක් එයට එකඟත්වය පළ කර නොමැති බව සඳහන්.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ වලිගය කොටස ස්නායු පද්ධතියට සංකීර්ණ ලෙස සම්බන්ධ වී ඇති බැවින්, එය ඉවත් කිරීමෙන් ආපසු හැරවිය නොහැකි දරුණු හානියක් ස්නායු පද්ධතියට සිදු විය හැකි වීමයි.