සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වූහ.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය.
ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය.
ශ්‍රී ලංකාව ලකුණු 43 කට කඩුලු තුනක් දැවී සිටියදී පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) සිවුවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
පැතුම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස්කළ අතර එය ඔහුගේ හයවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි. පැතුම්ගේ ලකුණු 114 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්විය.
චරිත් අසලංක පන්දු 93 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

