දයාසිරිගෙන් නව දේශපාලන සංවිධානයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී  නීතිඥ  සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළකර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවයි සන්ධානයේ නායකයන් සඳහන් කරන්නේ.

යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර   ජනාධිපතිවරණයට  තරඟ වදින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.