2024 – 03 – 16

හිරු නැගීම – 06 : 15

හිරු මුදුන් වීම – 12 : 18

හිරු බැසීම – 18 : 20

අද මාර්තු 16 වෙනි සෙනසුරාදා. අද මාර්තු මාසේ මැද තියෙන සෙනසුරාදා දවස. අපි දැනට මාර්තු මාසේ සෙනසුරාදා දවස් දෙකක් පහු කර ගෙන ඇවිත් තියෙනවා සහ තවත් සෙනසුරාදා දවස් දෙකක් අපිට ඉස්සරහට හම්බ වෙනවා මේ මාසෙට

ඉතින් අද නම් සමහර අය වැඩට ගිහින් ඇති, සමහර අය නම් ගෙදර ඇති. එහෙම තමයි හැම දවසක්ම එකිනෙකාගේ ජිවිත වල අලුත් වගේම වෙනස් දවසක් වෙනවා.

ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි National Panda Day එක. පැන්ඩා සතුන් කියන්නේ තරමක් කම්මැලි කියලා සැලකෙන, මිනිස්සු විසින් සංරක්ෂණය කිරීම නිසාම දැනටත් පවතින සත්ත්ව විශේෂයක් වනවා. මෙයාලගේ ස්වාභාවික වාසස්ථාන විනාශ වීම සහ මෙයාල ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උණ ගස් ගහනය දිනෙන් දින අඩු වෙමින් යන නිසා මෙයාල වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්වා සිටින සත්ත්වයෙක්.

Giant panda සතුන්ගේ ආහාර වේලේ 99%ක් ම අඩංගු වෙලා තියෙන්නේ මේ උණ හෙවත් Bamboo කොළ. ඔයාල වීඩියෝ වල වුණත් දැකලා ඇති මෙයාල වරු ගණන් උණ කොළ හප හප ගස් උඩට වෙලා ඉන්නවා.

මෙයාලගේ මේ ආහාර සපයා ගැනීම වෙනුවෙන් එයාල විශාල අනුවර්තන කිහිපයක්ම දක්වනවා. පැන්ඩා සතුන්ගේ තියෙන්නේ සැබෑ මහපට ඇඟිල්ලක් නෙමෙයි, ඒක විශාල වුණු අස්ථි කොටසක් වෙනවා. මේ නිසා එයාලගේ මේ හපන කොළ එතන පහසුවෙන් රඳවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඉපදිලා මාස හයක් වගේ යනකොට මෙයාලට හොඳට ගස් නැගීමේ හැකියාව තියෙනවා.

මෙයාලා ගැන තවත් අපූරු දෙයක් කියන්නද… මෙයාල දවසට 40 පාරක් විතර මලපහ කරනවා කියලා තමයි කියන්නේ… හිකිස්…

ඉතින් කොහොම වුණත් මේ සතුන් දැන් විශාල ලෙස අඩු වෙලා දැනට ඉතිරි වෙලා ඉන්නේ කැලැ පැන්ඩා සතුන් 1850ක් සහ සංරක්ෂිත පැන්ඩා සතුන් 300ක් පමණයි. ඒ නිසා මොවුන් සංරක්ෂණය කිරීමේ වටිනාකම සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහෙම දවසක් වෙන් කරලා තියෙන්නේ.

ඒ වගේම අද International Sports Car Racing Day එකත් වෙනවා. Car Racing කියන්නේ අපි ගොඩක් අය ආසම දෙයක් නේ. ඉතින් ඒක වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස අද.

ලෝකේ වටේ විවිධ විවිධ චියර් race තරඟ තියෙනවා නේ. සමහර ඒවා නම් තියෙනවා එක දිගට පැය 24ක් ධාවනය වෙමින් පවත්වන තරඟත්.

ඉතින් එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ඔයාගේ හිතට මොනවා හරි තරහක් වගේ අද දවසේ ආවොත් පොඩි workout එකක් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම හිත සැහැල්ලු වෙලා සන්සුන් වෙනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!