අඛිලගේ උපන්දිනය දවසේ එයාට හම්බ වුණු වටිනාම තෑග්ග

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ වැඩිමහල් පුතා තමයි අඛිල ධනුද්දර කියන්නේ.

තාත්තා කෙනෙක්ට පුතෙක් කියන්නේ මහමෙරක් නේ. ඉතින් ඔන්න අඛිලගේ අද උපන්දිනය අමතක නොවෙන දවසක් කරමින් එයාගේ පුංචි පුතත් මේ ලෝකෙට ඇවිත් තියෙනවා.

මේ මොහොතේ එයාලගේ සතුට අපිත් එක්කත් හරි ලස්සන ඡායාරුපයක් විදිහට බෙදා ගන්න අඛිල අමතක කළේ නැහැ.

මේ බලන්නකෝ මේ චූටි බබා වෙනුවෙන් එයාගේ නැන්දලා මාමලා එකතු කරලා තියෙන සටහන්.