වැඩි මිලට පොහොර අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදී

කැකිරාව, ගල්කිරියාගම ප්‍රදේශයේ වැඩිමිලට පොහොර අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්විය.

වී ගොවිතැන සහ අතිරේක බෝග සඳහා මූලිකව භාවිත කරන පොහොර වර්ග මෙලෙස වැඩිමිලට විකුණා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ රුපියල් 1300ක් පමණ වටිනා ඇතැම් පොහොර රුපියල් 3000ක පමණ මිලකට අලෙවි කර ඇති බවයි.