හම්බන්තොට  සූර්ය විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තබයි  

හම්බන්තොට, ගොන්නෝරුව, සූර්ය බලශක්ති උද්‍යානයේ සංවර්ධනය කිරීමට නියමිත මෙගාවොට් 150ක Ground Mount Solar ව්‍යාපෘතිය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.

මෙගාවොට් 10 ක බලාගාර 13 ක් සහ මෙගාවොට් 5 ක බලාගාර 4 කින් මෙම බලශක්ති උද්‍යානය සමන්විත වන අතර එහි මුළු ධාරිතාව මෙගාවොට් 150 කි.

ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයකින් යුත් මෙම ව්‍යාපෘතිය CEBs Standardized Power Purchase Agreement (SPPA) යටතේ නව ව්‍යාපාර ආකෘතියක් ලෙසට සිදු කෙරෙනු ඇති බවයි අමාත්‍ය කාංචන වීරසේකර x පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

 2024 මැයි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කර 2025 මැද භාගය වන විට විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම මෙහි අරමුණ ලෙස දක්වා තිබෙනවා.