මෙරට ඇති ප්‍රධාන පෙලේ ආර්ථික මධ්‍යස්ථාන 6ක් ඉන්දීය සමාගමකට ලබාදීමේ සූදානමක් ඇති බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරනවා.
දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, ඇඹිලිපිටිය, වැලිසර සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස ඉන්දීය සමාගමකට ලබාදීමට සූදානම් වන බවයි කොළඹ අද (24) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ.

