කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකය වසා දමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා. 

ඒ එම ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන්  රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගනිමිනුයි.

මේ සඳහා බලපා ඇති හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර මේ වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

සතියක පමණ කාලයක රුධිර කාන්දුකරණය සඳහා ඇතුළත්ව සිටි රෝගීන් මිය යාමට පටන්ගෙන ඇති අතර මේ වනවිට රෝගීන් පස් දෙනකුට වැඩි පිරිසක් රුධිර කාන්දුකරණ ක්‍රියාවලියේදී මරණයට පත්ව තිබෙනවා.

කෙසේවෙතත්රෝ හලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව යි.

මෙම මරණ සඳහා රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් ඇති බවට ද රෝහලේ රසායන නිලධාරීන් සැක පළ කරනවා.