යුක්රේනය තවත් ඔත්තු බැලීමේ ගුවන්යානක් බිම හෙලයි

රුසියාව සතු තවත් A-50 හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙලීමට තමන් සමත් වූ බව යුක්රේනය පවසනවා.

රුසියාවේ Rostov-on-Don සහ Krasnodar නගර අතර පියාසර කරමින් සිටිය දී මෙලෙස එම යානයට පහර දී තිබෙන අතර එහි දී ගුවන් යානය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

එහි දී එය ගිනිගනිමින් Kanevskoy දිස්ත්‍රික්කයේ Trudovaya Armenia ගම්මානය අසලට පතිත වූ අතර පසුව ගින්න නිවා දමා ඇති බවයි යුක්රේන හමුදා සඳහන් කළේ.

රුසියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැති නමුත් රුසියාවට පක්ෂපාති telegram channel එකක දක්වා ඇත්තේ මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කරන ලද්දේද යන්න මේ මොහොතේ නොදන්නා බවයි.

පසුගිය ජනවාරි 14 වන දා ද මෙලෙස මෙම වර්ගයේම ඔත්තු බැලීමේ ගුවන් යානයක් විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වුනා.