ශ්‍රී ලංකා 20-20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්සඳහන් කර තිබෙනවා.
ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති 20-20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසිරීම හේතුවෙනි.
එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමි වනු ඇත.
වනිඳු ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති අවසාන තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීම යන විනය විරෝධී ක්‍රියා සිදු කරනු ලැබුවා.

