ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර තිබෙනවා.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොතිබීම හේතුවෙනුයි.
සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මිය ගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
එයට පිළිතුරු දෙමිනුයි මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර ඇත්තේ.
රිය අනතුරක් සිදු වූ විට එම ස්ථානය පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදු වූ පසුගිය ජනවාරී 24 වැනි දා තමා එම ස්ථානය නීරීක්ෂණය කළ බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා, ඉන් ගැටලු අවම කර ගැනීමට හැකියාවක් ලැබුණු බව අවධාරණය කර තිබෙනවා.
මෙම සිද්ධියේ දී මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරින්ට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා, ලබන ජුලි මස පළමු වැනි දා මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කළා.

